Tuesday, September 21, 2010

බුදු රැස් විහිදීම විද්‍යාත්මකද?

බුදු රඳුන්ගේ  ශරීරයෙන් විහිදුනා යැයි සැලකන බුදු රැස් කියන්නේ බුද්ධ චරිතය ගැන ඉගෙන ගන්න හැම කෙනෙක්ටම අහන්න ලැබෙන දෙයක්.බුදු රඳුන්ගෙන් පමණක් නොව ඇතැම් දෙව් බඹ වරුන්ගේ ශරීර වලින්ද විහිදෙන රශ්මි කදම්බ පිළිබද ඔබ අසා ඇති. 
ඇත්තටම මෙය විද්‍යාත්මකද? 
භෞතික විද්‍යාව යම් පමණකට හෝ ඉගෙන ගත් අය දන්නවා ඇති නිරපෙක්ෂ්‍ය ශුන්යයේදී හැරුණු විට යම් උෂ්ණත්වයක් පවතින ඕනෑම වස්තුවකින් විද්‍යුත් චුම්භක තරංග නික්මෙන්න පුළුවන් කියල.  
ඕනෑම වස්තුවකින් මෙවැනි විකිරණ පිට වුවද ඒවා පියවි ඇසට නොපෙනෙන්නේ ඒවායේ සංඛ්‍යාතය දෘශ්‍ය ආලෝකයේ සංඛ්‍යාත පරාසයට වඩා වෙනස් වන හෙයිනි. නමුත් බුදු රඳුන් වැනි අධ්‍යාත්මික වශයෙන් උසස් තත්වයකට මනස දියුණු කල පුද්ගලයින්ගේ ශරීර වලින් නික්මෙන මෙම විකිරණයන් පියවි ඇසට පෙනෙන දෘශ්‍ය සංඛ්‍යාත පරාසයට අයත් වේ. 

Monday, September 20, 2010

Charpy Impact Tester එකේ Scale එකේ කොටස් අතර පරතරය වෙනස් වන්නේ ඇයි ????

ලෝහයකට දරා ගත හැකි උපරිම ආවේගී ශක්තිය මැනීම සඳහා මෙම උපකරණය භාවිතා වේ. මෙම උපකරණයේ පරිමාණයේ කොටස් අතර පරතරය සමාන නැත. මෙය අප කා හටත් ප්‍රශ්නයක් වූ දෙයක් විය. මෙහි පරිමාණයේ කොටස් අතර පරතරය වෙනස් වන්නේද දණ්ඩේ සිරස් පිහිටුමෙන් පසුව වීමද ගැටලුව තවත් සංකීර්ණ කරවන්නක් විය. 
ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි? .................

Friday, September 17, 2010