නවීන තාක්‍ෂණය මුළු ලොවම ආක්‍රමණය කර තිබියදී අද පුළුල් පරාසයක් ඔස්සේ විවිධ පැති තුළ රැකියා අවස්ථා උදාවී ඇත. නමුත් මේ සඳහා එකම මන් පෙත වී ඇත්තේ අධ්‍යාපනයයි. මෙය අවබෝධ කර ගත අප මොරටුව විශ්ව විද්‍යාලිය රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු පීඨ සිසු සංසදයේ එකම අභිලාශය වන්නේ අධ්‍යාපනයේදී නැගී එන විවිධ කඩුළු තරණය කිරීමට අප සහෝදර සහෝදරියන්ට ඇත හිත දීමය.
මෙම කර්තව්‍යයට මුලාරම්භයක් ලෙස එදා අප සිසුන් ප්‍රථමයෙන්ම එක වුයේ අ.පො.ස.(උ.පෙළ) විභාගයට මුහුණ දෙන සහෝදර සහෝදරියන්ට අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් පැවැත් වීමටය. මේ සඳහා ප්‍රධානතම හේතුව වුයේ අප දිස්ත්‍රික්කයේ උසස් පෙළට පෙනී සිටින සිසුන්ට විභාගය පිළිබද හරියාකාර දැනුවත් වීමක් නොමැතිකමය. මෙහි ප්‍රථම පියවර ලෙස භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් සාකච්චාවට ලක් විය. නමුත් 2006 වසරේදී මෙයට සංයුක්ත ගණිතයද එක් විය. 2009 වසර විශේෂ වන්නේ එම වසරේ භෞතික විද්‍යාව , සංයුක්ත ගණිතය මෙන්ම රසායන විද්‍යාවද සාකච්චාවට බඳුන් වීමයි. මෙම ප්‍රශ්න විභාගයේදී පරික්ෂා කරන සියලු කරුණු ආවරණය වන පරිදි සැදී ඇත්තේ අප සංගමයේ සිසුන් අතින්මය.
එමගින් නොනැවතුන අප සංගමය අ.පො.ස.(සා.පෙළ.) සම්මන්ත්‍රණ මාලාවක්ද ඇරඹියේය. මෙහි විශේෂත්වය වනුයේ උ.පෙළ. සම්මන්ත්‍රණය රත්නපුර වැනි ප්‍රධාන නගර වල පැවැත් වුවද සා.පෙළ. සම්මන්ත්‍රණ මාලා පැවැත් වුයේ ඇඹිලිපිටිය, බලන්ගොඩ, ගැටහැත්ත, වැනි ප්‍රදේශය අවට ඇති දුෂ්කර පාසැල් වලය.
2009 වර්ෂය අප සංගමයට සුවිශේෂී වර්ෂය වන්නේ මහාචාර්ය පී.ජි.ආර්.ධර්මරත්න මහතා හමුවීමත් සමගය. අප සංගමයට නිතියානුකුල භාවයක් ලබාදී එය වඩාත් පිළිගන්න සංගමයක් බවට පත් කිරීමට අපට ආධාර වුයේ එතුමාය. වසර කිහිපයක සිට අප තුළ අදහසක් ලෙස පැවති ශිෂ්‍යාධාර ක්‍රමය ඇතිකිරීමට එතුමා මුලික වුයේය.2009 දෙසැම්බර් මස 21 දින පැවැත් වූ මංගල වාර්ෂික මහා සභා රැස්වීම සමගම අප මොරටුව විශ්ව විද්‍යාලිය රත්නපුර සිසු සංසදය ලෙස නිතියානුකුලව ස්ථාපිත විය. මහාචාර්යතුමන්ගේ මග පෙන්වීම හා සහයෝගය යටතේ අප සංගමයට සුබපතන්නන්ගේ ආධාර එකතු කර ගැනීමට හැකි විය.
 |
මංගල වාර්ෂික මහා සභා රැස්වීම අතරතුර... |
 |
මංගල වාර්ෂික මහා සභා රැස්වීම අතරතුර... |